ශ්‍රී ලංකා පොලිස් පුහුණුවේ අමතක නොවෙන මතකයන් (ට්‍රෙරෙනින් නම් ට්‍රෙරෙනින්) Sri Lanka Police Training

 

‍ට්‍රෙරෙනින් නම්  ට්‍රෙරෙනින්  (පොලිස් පුහුණුව)

--------------------------------




මාස 06 කට පමන කාලයක් තම සමීපතමයන්ගෙන් දුරස්  වෙලා නේවාසික මූලික පුහුණුවකට පැමිණෙන ඔනෑම කෙනෙකුට අහන්න ලැබෙන වචන ටිකක් තමයි ඔය ට්‍රෙනින් නම් ට්‍රෙනීන් කියන කතාව🤗

පොලිස් සේවයට අයදුමි කරුවන් ලෙසින් අයදුමිපත් බරගානක් ආවත් ඒකෙන් තේරෙන්නේ හොදම අතලොස්ස පමනයි..ඒ වාසනාවන්තයො ටික පොලිස් මූලික පුහුණුවට පොලිස් විද්‍යාලයට වාර්තා කරපු දිනයේ සිටන්ම වෙනම ලෝකෙකට ගෙනත් අතඇරල දැමිමා වගේ තමයි.🌍 හැබැයි ඒ ලෝකේ සුන්දර වෙන්න යන්නේ එක රැයයි.. දිවයිනේ හැම දෙසින්ම ආපු විවිධාකාරයේ යාහළුන් නිසා අර තනිකමට සැනසීමක් ලැබෙනවා🍃

අනේ ඉතින්..පාන්දරම කුකුලා හඩලන්නත් කලින් නැගිටල විදුලි පන්දම් එලියෙන් වට පිටාව අතුගාලා මේස් ටී එක බීලා.ඉතින් වැඩේ පටන් ගන්නවා..ඔය අතරේ මෙස් ටී එක අනිත් උන්ට නොදී දෙපාරක් බොන අයිලත් නැතුවාම නෙවෙයි..☘️

කොමත් වැඩටික සේරම කරල අැදවල් ලස්සනය සුදු බෙට්ෂීට් දාලා හදලා ලයිනප් කරලා වෙලාවට පෝලින් වෙන්නත් ඕනි නැත්තම් ඉතින් ඩබල් තමයි...☘️

අපි ගොඩක් දෙනෙක් හිතන්නේ පිරිමින්ට විතරයි මේ වගේ නේවාසික පාඨමාලාවක් කරන්න හිතේ හයියක්ති යෙන්නේ කියලා. ඒත් ඒ මතය නිවැරදි කරමින්..පිරිමි හා සමානවම මේ නේවාසික පුහුණුව ඉතාමත් අපූරුවට නිම කරන ගෑණු ලමයිනුත් ඉන්නවා. එයාලට කාන්තා පිරිමි බේදයක් නෑ හැමෝටම ට්‍රෙනින් එක සමානයි..

උදේ ශාරීරික අභ්‍යාස වගේම පෙරඩ් එකත් තියනවා කොහොම උනත් මේ දේවල් පැයක් විතර කරනව කියන්නේයකෙක් කන්න වගේ බඩගන්නක් එනවා..ඒ  වෙලාවටමෙස් එකේ ඉතින් සම්බොලයි පරිප්පුයි කියන්නේ ආගමක්😀කෝමත් ඉතින් ඊටවඩා වැඩියමක් බලා පොරොත්තු වෙන්නත් බෑ..

ඊට පස්සෙ ඉතින් පංන්ති කාමරේ නීතිය ඉගෙන ගන්නයි තියෙන්නේ..මේ පන්ති කටයුතු කරන කාලසීමාවේදි පොලිස් රජකාරියට මෙන්ම ජිවිතයටද වැදගත් ගොඩක් දේවල් උගන්නවා...PT කරල එන මහන්සිය වගේම උදේට කාලත් ඉන්න නිසා එන බුදි මත...ඇස් වලට මුක්කු ගැහුවත් නවත්තන්න බෑ..😀

කෝම උනත් එකඑක වර්ගයේ යාළුවෝ හම්බෙන එක් වලක්වන්න බෑනේ මේ අතර උඩරට නිලමෙලායි දකුනේ අයියලයි නිතරම රන්ඩු තමයි..මේ බැජියෝ සෙට් එකේ ඉන්නවා අමුතුම ජීවීන් ටිකක්

* පුහුණුව බොක්කෙන්ම කරන උන්දුවෙක්

* හැමදාම පෝලින් වෙන්න පරක්කු වෙන එකෙක්

*මහත්තයට රස කරකර කේලම් කියන එකෙක්

*දෝනිව මතක්වෙලා නහයෙන් අඩන ගමන් පුහුනූවෙන් පැනල යන්න හදන එකෙක්

*හොද මක බාස්ල ඉන්නවා,වඩුවැඩ දන්න වඩ්ඩෝ ඉන්නව, උන් පුහුණුවටවඩා කරන්නේ ඉදිකිරිම් තමයි ඕකුන් ජීවත් වෙන්නේ බොරුවෙන්😀😀

*කැරලි ගහන වෘතීයි සමිති කාරයෝ

*අනුන්ගේ ඇදවල්වල නිදාගන්න එකෙක්

*නාන්න වැඩිය අකමැති එකෙක්

*පට්ට කම්මැලියෙක්

*ඕප දූපපප්පෙක්

මේ වගේ එක එක ජාතිය ඉන්නවා...කෝම උනත් ආරම්භයේ සිට අභිමානවත් ලෙස ව්සිරයන දිනය දක්වාම ජීවිතේට අමතක නොවෙන මතකයන් ගොන්නක් එක්ක ට්‍රෙනින් එක සාර්තකව නිම කරන අපේ තරුණ කොල්ලො කෙල්ලෝ සුපිරිම තමයි..

අසංග..

Comments

Popular posts from this blog

බේ ආදරණීය මතකයන් Photo frame ලෙසින් ඔබේ ලගටම ගෙනත් දෙන්න අප සූදානම්😍😍----

Sri Lanka Police Officer Proud moment

Vedio

Youtube